24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් රැකවල් මැද පල්ලියේ පිං කැටේ සුද්ද කරලා

පොලිස් රැකවල් මැද පල්ලියේ පිං කැටේ සුද්ද කරලා

පාස්කු ඉරිදාට පෙර දින මඩකලපුව, තාණ්ඩවන්වේලි ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක පිං කැටයක් කැඩීමේ සිද්ධියක් වාර්තා වනවා.

පල්ලිවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබියදී මෙලෙස මුදල් සොරකම් කිරීම විශේෂත්වයකි.

මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ තාණ්ඩවන්වේලි ප්‍රදේශයේ පිහිටි මෙම දේවස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියේ පොලිසිය වන අතර, සිද්ධිය වූ සෙනසුරාදා (30) විශේෂ පාස්කු දේව මෙහෙයක් පැවැත්විණි.

එදින මධ්‍යම රාත්‍රී 12 ට දිව්‍ය පූජාව අවසන් වූ පසු පොලිසිය එම ස්ථානයෙන් පිටව ගිය පසු පල්ලිය අසළ මාර්ගයේ ඉදිකර තිබූ දේව මාතාවගේ ප්‍රතිමාව අසළ තිබූ පිං කැටය යම් අයෙකු විසින් බිඳ තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.