22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedයාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයා මියයයි

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයා මියයයි

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා

හදිසි ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (01) ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මරණ දණ්ඩනය නියම වීමෙන් පසු මෙම පුද්ගලයා අංශභාග රෝගයකින් පෙළෙමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

2015 මැයි 13 වැනිදා යාපනයේදී විද්‍යා නමැති දැරිය ඝාතනය වූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනෙකුට 2017 වසරේදී මරණ දඬුවම නියම විය.