26.7 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෘත්තීය සමිති රැසක් අදත් වර්ජනයේ

වෘත්තීය සමිති රැසක් අදත් වර්ජනයේ

දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් 10ක සෞඛ්‍ය සේවකයින් අද (02) වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගම්පහ මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල,ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල සහ මන්නාරම මූලික රෝහල යන රෝහල්වල සේවකයින් අද (02) පැය හතරක කාලයක් සේවාවලින් ඉවත් වී මෙම වැඩ වර්ජනයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය සේවක ගැටළු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස අද (02) දිනයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයට එලඹීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය හතරක කාලයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ.