31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට ප්‍රහාරයක්

සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් එහි සේවය කළ නිලධාරීන් හත්දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉරාන බලධාරීන් චෝදනා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ හත්දෙනා අතර ජ්‍යෙෂ්ඨ ඉරාන අණදෙන නිලධාරියෙකු ද සිටින බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානය හා විප්ලවවාදී ආරක්ෂකයින් විසින් අරමුදල් සපයන සහ පුහුණු කරන ලද මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ ඉලක්ක වෙත මෑත කාලයේ දී විශාල ප්‍රහාර සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.