― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකාන්තාවන්ට තනිව සංචාරය කරන්න ලංකාව ආරක්ෂිතයි

කාන්තාවන්ට තනිව සංචාරය කරන්න ලංකාව ආරක්ෂිතයි

2024 වසරේදී ලොව පුරා ඕනෑම තැනක සිටින කාන්තාවකට පහසුවෙන්ම, ආරක්ෂිතව සහ වඩාත් විනෝදජනක ආකාරයට තනිව සංචාරය කළ හැකි ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්ත පිළිබඳ මෙන්ම ආහාර, සංස්කෘතීන්, චිත්‍රපට ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විචාර ඉදිරිපත් කරන timeout වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාවට මෙම සහතිකය ලබා දී තිබෙනවා.

එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ 2024 දී තනි කාන්තා සංචාරකයින් සඳහා අංක එකේ ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි.

කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම විදේශගත වීමට සලකා බලමින් සිටින බව මෑතකාලීන සමීක්ෂණයකින් පෙන්වා දී ඇති අතර කාන්තාවන් තනිවම සිදුකරන සංචාරද ඉහළ ගොස් ඇති බව සඳහන්.

timeout වෙබ් අඩවියට අනුව හුදකලා සංචාරකයින් සඳහා ගමනාන්ත සලකා බැලීමේදී ආරක්ෂිත නවාතැන් පහසුකම්, හොඳින් ස්ථාපිත මාර්ග, එම රටේ ජනතාව සහ සමාජ අන්තර්ක්‍රියා මෙන්ම නිදහසේ කාලය ගත කිරීමට ඇති හැකියාව යන කරුණු පිළිබඳ සලකා බලා තිබෙනවා.

ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂී චමත්කාරජනක රාජ්‍යයක් ලෙස වෙබ් අඩවිය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ තනි වික්‍රමාන්විත ක්‍රියාකාරකම්වල යෙදෙන කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බවයි. හුදකලා කාන්තා සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක් විශේෂත්වයක් වන්නේ එහි යුනෙස්කෝව ලැයිස්තුගත කර ඇති පෞරාණික ස්ථාන පිහිටීම බවද timeout වාර්තාවේ සඳහන්.

එසේම, විවේකයක් සොයන තනි කාන්තා සංචාරකයෙකුට සුදුසු වෙරළ තීරයන් ලෙස වෙබ් අඩවිය සිය වාර්තාව මගින් ආරුගම්බේ, මිරිස්ස සහ හික්කඩුව නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පසුව 2024 වසරේදී තනි කාන්තා සංචාරකයෙකුට සුදුසු ගමනාන්ත ලෙස ඔවුන් නම් කර ඇත්තේ පෘතුගාලය, චෙක් රාජ්‍යය, ජපානය, ග්වාතමාලාව, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, ග්‍රීසිය සහ නවසීලන්තයයි.