― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජේතවනාරාමයේ පිපිරුම් වැළැක්වීමට තාක්ෂණික පිළියම්

ජේතවනාරාමයේ පිපිරුම් වැළැක්වීමට තාක්ෂණික පිළියම්

අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවත්, ස්තූපය පිලිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හැර නොමැති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් එහිදී පැවසීය.

2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී පිපිරුම් වර්ධනය මීටර් දශම දෙකක් වන අතර මේ වනවිට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවත්, 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 9 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්, ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර සඳහන් කළේය.

ස්තූපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් 2016 සිට මේ වන තෙක් කෙටිකාලීන පියවර ලෙස දාගැබේ සියලුම පිපිරුම්වල බදාමයක් යොදා සීල් කර ඇති අතර පිපිරුම් ප්‍රසාරණය වීම පාලනය කිරීමට ගතයුතු දිගුකාලීන පිළියම් යොදා ඇති බවත්, එහිදී ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාල කිරීම කලයුතු බවත් විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. සමිත් බුද්ධික සඳහන් කළේය.

එසේම ඉදිරියට පැමිණෙන වර්ෂා කාලය සහ වර්ෂාව නොමැති කාලය තුළ දී ලබාගන්නා දත්තවලට අනුව මෙම ස්වභාවය වෙනස් විය හැකි බවද ඔහු එහිදී අවධාරණය කළේය.