27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික උණුසුම ගැන රතු එළියක්

අධික උණුසුම ගැන රතු එළියක්

අද (05) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදී උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති.

වියළි කාලගුණය නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් වැඩිපුර ජලය පානය කරන ලෙසත් දිවයින පුරා ඇති සෑම පාසලකම දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොදවා නොගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.