28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර බන්ධනාගාරයේ ගුටි කෙළියක් - තුනක් රෝහලේ

අනුරාධපුර බන්ධනාගාරයේ ගුටි කෙළියක් – තුනක් රෝහලේ

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් තිදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසුවේ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා ජේලර්වරුන් දෙදෙනෙක් අතර මෙම ගුටි හුවමාරුවක් සිදුව ඇති බවයි.

එහිදී ජේලර්වරයෙක්, රැඳවියෙක් හා තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඊයේ (04) රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයෙක්, බන්ධනාගාර රැඳවියෙක් හා පානියන්කඩවල, සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර්වරුන් දෙදෙනෙක් අතර බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුව තිබෙනවා.

පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා රැඳවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට බාර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.