― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා තීරයට ආධාර දෙන්න මාර්ග 3ක් විවෘත කෙරේ

ගාසා තීරයට ආධාර දෙන්න මාර්ග 3ක් විවෘත කෙරේ

ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භයෙන් පසු උතුරු ගාසා තීරයේ Erez ගේට්ටුව පළමු වරට විවෘත කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ උතුරු ගාසා තීරයේ Erez ගේට්ටුව තාවකාලිකව නැවත විවෘත කිරීමටයි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් World Central Kitchen (WCK) හි සේවය කළ සහන සේවකයින් හත්දෙනෙක් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ විනාඩි 30 ක සංවාදයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායලය විසින් මෙම මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඇමරිකා – ඊශ්‍රායල සහයෝගය පවත්වා ගැනීමට අවශ්‍ය නම් සිවිල් හානි සහ මානුෂීය දුක් වේදනා වැළැක්වීමට පියවර ගත යුතු බව ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීම සඳහා පළමු වරට තාවකාලිකව නැවත Ashdod වරාය විවෘත කර ඇති අතර මීට අමතරව ජෝර්දානයෙන් ලැබෙන මානුෂීය ආධාර ලබාදීමට Kerem Shalom Crossing හරහා ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.