― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජපන් සිහින පෙන්වා කෝටි 20ක් වංචා කළ අයෙක් දැලේ

ජපන් සිහින පෙන්වා කෝටි 20ක් වංචා කළ අයෙක් දැලේ

ජපානයේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 20ක් වංචා කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ජපන් භාෂාව පුහුණු කරමින් දඹුල්ල ඇතුළු දිවයිනේ ඇතුළු විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂපහේ සිට රුපියල් ලක්ෂ 15 – 20 දක්වා මුදල් ලබාගෙන ඔවුන් රැකියා සඳහා යොමු නොකොට මුදල් වංචා කර ඇති බවයි.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා පොලිසියට ලැබුණු පැමිණිලි මත ඊයේ (04) සවස දඹුල්ල බස් නැවතුම්පොළ අසල ඔහු විසින් පවත්වාගෙන යන ආයතනයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන් සඳහන් කරන්නේ රුපියල් කෝටි විස්සකට අධික මුදලක් මේ වනවිට ඔහු වංචා කර ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදී තමන්ව මගහරිමින් ඔහු විදේශගත වීමට උත්සහ දැරූ බවත්ය.

රාජ්‍ය සේවයේ නියුතු මොහුගේ බිරිඳ ද මේ සම්බන්ධව කටයුතු කරමින් ඇයගේ හිතවත් පිරිසක්ද විදෙස්ගත වීම සදහා සැමියා වෙත යොමු කළ බව පිරිස පවසනවා.

මොහු කලක් රාජ්‍ය සේවයේ සිට ජපානයේ රැකියාවට ගොස් නැවත පැමිණ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයා අද (05) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.