25.6 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි පොලිස්පතිවරයා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

අරගලයෙන් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබා නොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා.

එම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාට අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරු මඩුල්ල විසින් ඊයේ නොතීසි නිකුත් කර තිබුණා.