― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළොත් හිරේ

නොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළොත් හිරේ

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී නොගැලපෙන අවුරුදු ක්‍රීඩා කළහොත් ඔවුන් පොලිස් අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශයේ අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සංස්කෘතිය සහ සභ්‍යත්වය රැකෙන පරිදි අවුරුදු ක්‍රීඩා කළ යුතු බවයි මාධ්‍ය ප්‍රකාශකවයා එහිදී කියා සිටියේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක ද එක්ව සිටි අතර අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැනට පවතින නැකත් පිළිබඳව ඔහුගේ කළකිරීමක් ඇති බවයි.