29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝක්කුවක් ඇඟට පෙරළී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

බෝක්කුවක් ඇඟට පෙරළී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බෝක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මස්කෙළිය පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි, එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමැති 11 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ ඊයේ (04) පස්වරුවේ වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේ පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රිට් බෝක්කුවක් පෙරළී, පාසල් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවීමෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා ගිලන් රථයක් ආධාරයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.