27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලංකාවට නව රැකියා රැකියා අවස්ථා ලබාදීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo අතර හමුවක් ඊයේ (04) දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.

එහිදී දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බවත් ඒ අනුව කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳවද සලකා බලන බවයි ප්‍රකාශ කළේ.