29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමගි ජන සන්ධානය ගිවිසුම්ගත වෙයි

සමගි ජන සන්ධානය ගිවිසුම්ගත වෙයි

සමගි ජන බලවේගය හා නිදහස සන්ධානයෙන් පැමිණි මන්ත්‍රීවරුන් අතර ගිවිසුම් ගත වීම අද (05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම අද උදෑසන කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ මිහිලක මැදුරේදී මෙලෙස සන්ධානගත වුණා.

සංඝරත්නය පංචශීලයේ සමාදන් වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පිරිස සමඟ ගිවිසුම්ගත වීම සිදුකෙරුණා.

මෙම ගිවිසුම සඳහා ප්‍රථමයෙන් ජී. එල්. පීරිස් අත්සන් තැබූ අතර ඉන් අනතුරුව ඩිලාන් පෙරේරා, වසන්ත යාපා, නාලක ගොඩහේවා අත්සන් තබනු ලැබුවා.