― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමම අඛණ්ඩව කාන්තාවන් වෙනුවෙන් හඬ නගනවා

මම අඛණ්ඩව කාන්තාවන් වෙනුවෙන් හඬ නගනවා

ගර්භනි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ වැඩසටහන ඉතා වැදගත් බවත් එය මව්වරුන්ගේ සහ කුසේ සිටින දරුවාගේ ජීවත් වීමේ අයිතිය සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අයිතිය තහවුරු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ හංවැල්ල ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් 532කට සහල් පේෂක ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමා කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය ගැටලු ගැන කතා කරද්දි තමාට මඩ ප්‍රහාර එල්ල වුවත් ඒ හඬ අඛණ්ඩව නැගීම නිසා අද වනවිට පාසල් දැරියන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට රජය යොමු වී ඇති බවත් මෙයත් එවැනිම ආකාරයක සමාජ වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මැතිවරණ වසරක මෙවැනි වැඩසටහනක් රජය ක්‍රියාත්මක කළත් කුහක නොවී එම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සතුටු වන බවයි සජිත් එහිදී කියා සිටියේ.

තමා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී අමාත්‍යවරයා විසින් පෝෂණය ගැන වැඩසටහන් කිහිපයක් ගැන වගකීම පැවරු අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලෝක බැංකුව ලබා දුන් ආධාරයක් මත ගර්භණී මව්රුවන්ගේ පෝෂණ සලාක වැඩසටහන 2001 දී ආරම්භ කළත් එදා ආරම්භ වූ වැඩසටහන 2004 ආණ්ඩු මාරුවත් සමග නතර වී නැවතත් යහපාලන රජයේ එය ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් බවත් එහි තුන් වැනි පරිච්ඡේදය කේන්ද්‍ර කර ගෙන අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හැකි නමුත් එයට කාන්තාවන්ගේ දරුවන්ගේ ළදරුවන්ගේ අයිතීන්,සෞඛ්‍ය අධ්‍යාපනය හා ජීවත් වීමේ අයිතීන් අඩංගු නොවන බවත් 6 පරිච්ඡේදය තුළ යම් යම් විධාන පැවැතියත් ඒවා අධිකරණය තුළ අභියෝගයට ලක් කළ නොහැකි නිසා මෙම අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළට ඇතුළත් විය යුතු බවත් එය සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යෙන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිකාරක සහ නිවාරණ ලෙස කොටස් දෙකක් ඇති බවත් ප්‍රතිකාරක ක්ෂේත්‍රයට රෝහල් අයත්වන විට නිවාරණ ක්ෂේත්‍රයට රෝග අවම කිරීම සිදුවන බවත් මෙහිදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් සුවිශේෂී වැඩකොටසක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වනවිට රට තුළ මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් එය මඟහරවා ගැනීමට නම් නිරෝගී සම්පන්න මව් පරපුරක් සිටිය යුතු බවත් ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාක දෙන්නේ ඒ නිසා බවත් මෙය හුදෙක් බඩු බෙදා දීමක් නොවන බවත් මෙය ජීවත් වීමේ අයිතිය සහ නිරෝගීමත් දරු පරපුරක් බිහි කර ආයු කාලය වර්ධනය කිරීමක් බවත් මෙය පාලකයන්ට ආයු බොහෝ වේවා කිරීම නොව මව්වරුනට දරුවන්ට ආයු බොහෝ වේවා කීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.