― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅවුරුදු කෑම මේසයත් ගණන් උස්සයි

අවුරුදු කෑම මේසයත් ගණන් උස්සයි

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සකස් කිරීමේ පිරිවැය 2019 වසරට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව කැවිලි සෑදීම සඳහා යන වියදම සුළු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

ඒ අනුව 2019 දී රුපියල් 72ක් වූ කිරිබත් කෑලි 10ක වියදම මේ වසරේ දී රුපියල් 166ක් වනවා.

රුපියල් 232ක් වශයෙන් ගණනය කර ඇති කොකිස් 20ක් 2024 දී රුපියල් 457ක් වී ඇති අතර කෙසෙල්, අලුවා, කැවුම්, බටර් කේක්, දොදොල් සහ මුං කැවුම් යනාදී අවුරුදු කෑම මේසයට අවශ්‍ය අනෙකුත් කැවිලි මිල ගණන් ද 2019 වසරට සාපේක්ෂව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2019 දී රුපියල් 2,288ක් වූ අවුරුදු කෑම මේසයේ වියදම මේ වසරේ දී රුපියල් 5,070ක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.