29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News'ඕළු මරා' අත්අඩංගුවට

‘ඕළු මරා’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඕළු මරා’ ඊයේ (07) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ඕළු මරා’ තවත් තිදෙනෙකු සමඟ කොස්වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මීගහවොල – කොස්වත්ත මාර්ගයේ යොදා තිබූ හදිසි පොලිස් මාර්ග බාධකයකදී සිදු කළ හදිසි පරික්ෂා කිරීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ ‘ඕළු මරා’ සමඟ අත්අඩංගුවට ගැනුණු අනෙක් තිදෙනා කිරිමැටියාන, ශාන්ත ආනා පුර සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31, 30 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි.

ලුණුවිල – කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ‘ඕළු මරා’ 2019 ඔක්තොම්බර් මස 12 වැනිදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටියදී මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව බූස්ස සිර කඳවුරේ රඳවා සිටි ‘ඕළු මරා’ පසුගියදා ඇප ලබා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මත්කුඩු ජාවාරමට අමතරව, කොල්ලකෑම්, පුද්ගලයින් පැහැර ගෙන ගොස් පහරදීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු මේ වන වන විටත් විභාග වෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.