24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසල් රෝහලෙන් පියවරුන්ට නව අත්දැකීමක්

කාසල් රෝහලෙන් පියවරුන්ට නව අත්දැකීමක්

දරු ප්‍රසූතියේදී පියවරුන්ට නවමු අත්දැකීමක් ලබාදීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙල යටතේ දරු ප්‍රසූතියේදී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.

ඒ අනුව දරු ප්‍රසූතියේදී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සලසන වැඩසටහන තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කිරීමට හැකි වන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ.

මේ සඳහා මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කරන බවයි වාර්තා වන්නේ.

මෙම වැඩපිළිවෙල දියත් කරනු ලබනව ප්‍රථම රජයේ රෝහල වන්නේ කාසල් වීදියේ කාන්තා රෝහලයි.