31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඉහළට

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඉහළට

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන කාර්යාල දීමනා සහ ලිපි ද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇත.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබෙනවා.

මේ අනුව මහ නගර සභා සහ නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3000 දක්වාත්, පළාත් පාලන සභා තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2000 දක්වාත් ඉහළ නංවා තිබේ.

වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.