27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල්ගෙන් හර්ෂට හිත පිරෙන තෑග්ගක්

ජනපති රනිල්ගෙන් හර්ෂට හිත පිරෙන තෑග්ගක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් 50,200,000ක මුදලක් නිදහස් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙලෙස නියෝග කර ඇත්තේ.