29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentජීවිත තුනක් 99න් බේරුණු අනතුර

ජීවිත තුනක් 99න් බේරුණු අනතුර

හැටන් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මතට විශාල මාර ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.

කෙසේනමුත් මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකුගේ බේරි ඇති බව හැටන් පොලිසිය පැවසුවේ.

හැටන්, පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය, බටල්ගල ප්‍රදේශයේදි ඊයේ (07) රාත්‍රී 7.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස මාර ගසේ අත්ත කඩා වැටීමෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබූ දුරකථන රැහැන් සහිත කණුවක්ද කඩා වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය විනාඩි 30ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ මාර ගසේ අත්ත කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවධානමක් සහිත මාර ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, එම ගස් කපා ඉවත් කරන ලෙසට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය හරහා වතු පාලන අධිකාරියට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණද එම අවධානම් සහිත ගස් කපා ඉවත් කිරීමට වතු පාලන අධිකාරිය පියවර නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.