27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමයක්

දුම්රිය සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමයක්

මෙම වසර තුළදී දුම්රිය ගමන් සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එය ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන 19ක වියදමින් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කලක සිට ක්‍රියාත්මක නොවූ මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි පළමු අදියරේදී ඉදිරි මාස 5 තුළ දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා QR කේතය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.