― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනවසීලන්තයේ වීසා නීති දැඩි වෙයි

නවසීලන්තයේ වීසා නීති දැඩි වෙයි

නවසීලන්තය සිය රටේ රැකියා වීසා (work visa) වැඩසටහනේ ක්ෂණික වෙනස්කම් නිවේදනය කර ඇත.

ඊයේ (07) ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ 2023 දී නවසීලන්තයට ‘තිරසාර නොවන’ සංක්‍රමණවල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව නවසීලන්ත රැකියා වීසා වැඩසටහනේ වෙනස්කම් අතරට අඩු නිපුණතා සහිත රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවයක් හඳුන්වාදීම සහ බොහෝ සේවා යෝජකයන්ගේ රැකියා වීසා සඳහා අවම කුසලතා සහ සේවා පළපුරුද්ද සීමාවන් සැකසීම ඇතුළත් වේ.

එසේම අඩු නිපුණතා සහිත රැකියා සඳහා උපරිම අඛණ්ඩ රැඳී සිටීම වසර 5 සිට වසර 3 දක්වා අඩු කෙරේ.

පසුගිය වසරේ 173,000ක් පමණ නවසීලන්තයට සංක්‍රමණය වී ඇති අතර ඕස්ට්‍රේලියාව සඳහා ද සංක්‍රමණවල විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.