32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentබස් රථයක් පාළමෙන් පෙරළෙයි

බස් රථයක් පාළමෙන් පෙරළෙයි

හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී අද (08) බස් රථයක් පාළමෙන් පෙරළී අනතුරකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවෙඋ හඟුරන්කෙත ප්‍රදේශයේ සිට දෙල්තොට දක්වා ධාවනය වූ ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

එම අවස්ථාවේදී බස් රථය තුළ සිටි කාන්තාවන් දෙදෙනෙක් රියදුරු සහ තුවාල ලබා දෙල්තොට ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියදුරු ජංගම දුරකථනය භාවිතා කරමින් රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වූ බවයි මගී ජනතාව චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.