30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුධ සමයේ වැළලූ මෝටාර් අවියක් හමුවෙයි

යුධ සමයේ වැළලූ මෝටාර් අවියක් හමුවෙයි

යුධ සමයේ LTTE ත්‍රස්තවාදීන් විසින් සඟවා තබන්නට ඇතැයි විශ්වාස කළ හැකි 81ම්ම් වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) වාකරේ පොලිස් වසමේ පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදීයි මෙම මෝටාර් අවිය සොයාගෙන ඇත්තේ.

ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරමින් සිටි පිරිසකට 81ම්ම් වර්ගයේ මෝටාර් අවියක් හමු වී ඇති අතර ඒ බව පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඉන්පසු විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම අවිය යුධ සමයේ LTTE ත්‍රස්තවාදීන් විසින් සඟවා තබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.