23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරාසැල් දින 06කට වැසෙයි

සුරාසැල් දින 06කට වැසෙයි

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් 23 වැනිදාට යෙදී ඇති බක් පුර පසළොස්වක පොහොය දිනයේ ද සුරාසැල් වසා දැමීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

තවද මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර දින තුනකට මත්පැන්හල් වසා දැමීමට බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මැයි මස 22, 23 සහ 24 යන දිනවල දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති.