26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතහනම් යතුරුපැදි කොටස් සමඟ තිදෙනෙක් අල්ලයි

තහනම් යතුරුපැදි කොටස් සමඟ තිදෙනෙක් අල්ලයි

මෙරට තහනම් කර ඇති 1000 CC යතුරුපැදියක කොටස් රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිට පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මුල්ලේරියාවේ විශේෂ රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායමට ඊයේ (09) ලැබුණු තොරතුරකට අනුව සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදියේ කොටස් හමුවී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථයේ සැකකරුවන් තිදෙනෙකු ගමන් කර ඇති අතර එක් සැකකරුවෙකු ඉහත පොලිස් කොස්තාපල්වරයා බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.