24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතිය නැති සොවින් අවසන් ගමන් ගිය තරුණයා

පෙම්වතිය නැති සොවින් අවසන් ගමන් ගිය තරුණයා

සිය ප්‍රේමවන්තිය මියගොස් දින 50 ක් ගත වූ දිනයේ ප්‍රේමවන්තයා සියදිවි නසාගැනීමේ පුවතක් යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තෙලිප්පලෙයි පොලිසිය පැවසුවේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ඊයේ (09) මෙලෙස සියදිවි නසාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රේම සම්බන්ධතාවයක ඇති වූ ගැටළුවක් මත මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ ප්‍රේමවන්තිය ද මීට දින 50 කට පෙර සියදිවි නසාගෙන තිබුණා.

ප්‍රේමවන්තිය මියගිය ශෝකයෙන් කාලය ගත කළ තරුණයා ප්‍රේමවන්තිය මියගොස් දින 50 ක් ගත වූ දිනයේ සියදිවි නසාගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.