27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මුලතිව්, මුල්ලියාවේලි පොලිස් වසමට අයත් මාමුලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් ඊයේ (09) තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාමුලෙයි ප්‍රධාන මාර්ගයේදී කලුවර වැටී ඇති අවස්ථාවේ අධික වේගයකින් මෙම යතුරුපැදි දෙකම ධාවනය වී ඇති අතර එහිදී පැදිකරුවන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අතර බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා මුලතිව් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ඩී.කේදීස්වරන් නැමති තරුණයෙකි.