25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි කළ වැටුප දෙන්න බිලියන 13ක් වැය වුණා

වැඩි කළ වැටුප දෙන්න බිලියන 13ක් වැය වුණා

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර පවුල් ලක්ෂ 27ක් සඳහා කිලෝ 10 බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබා දීමේ වැඩසටහන ලබන 21 වැනිදා අරඹන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමි වනු ඇති.