29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsE-Passport නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර

E-Passport නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (E-Passport) නිකුත් කිරීම වසර 4ක් පුරා ප්‍රමාද වීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ අදාළ බලධාරීන් පවසා ඇත්තේ 2020 දී ආරම්භ කරන ලද ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඒ අනුව එම වැඩකටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙසයි ගිණුම් කාරක සභාව අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇත්තේ.

ගුවන් තොටුපළේ රාජකාරි කාර්යක්ෂමව සිදුකිරීමට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීම පිළිබඳවද එම සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව කාර්යක්‍ෂමව කාර්යක්‍ෂමව වැඩිපුර නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කර අප්‍රේල් 15 වැනිදාට පෙර එම කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව උපදෙස් ලබා දී ඇත්තේ.