26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅණ නොතැකූ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතැකූ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස වෙඩි තබා ඇත්තේ නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකටයි.

පොලිස් නිලධාරීන් පිරිසක් අද (11) අලුයම කනංකේ රජමහා විහාරය අසළදී ගවයෙක් ලොරි රථයකට පටවන ආකාරය දැක තිබෙනවා.

ඉන්පසු එම ලොරි රථය ලුහු බැඳ ආ පොලිස් නිලධාරීඉන් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නවත්වන ලෙස අණ කර තිබෙනවා.

ලොරි රථ රියදුරා විසින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ සිටි තවත් දෙදෙනෙකු පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.