29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහන ඉහළට

අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහන ඉහළට

අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අධිවේගී මාර්ගය හරහා වාහන ලක්ෂ එකහමාරක් දෙකක් අතර ගමන් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. බී. සූරියබණ්ඩාර පැවසීය.

මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දිනකට වාහන ලක්ෂයක් අධිවේගී මාර්ගය හරහා ගමන් කරන බවත් පසුගිය වසරේ (2023) නත්තල් සමයේදී පමණක් වාහන 145,000ක් ධාවනය කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ගාස්තු අයකරන කුටි සියල්ලම විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවත් මේ මස 16 සහ 17 දෙදින තුළ අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණෙන වාහන සංඛ්‍යාව ඉහළ යන බවත් ඔහු සඳහන් කළා.