25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු විකිණූ ගුරුවරිය හා මව අත්අඩංගුවට

කුඩු විකිණූ ගුරුවරිය හා මව අත්අඩංගුවට

කලක සිට ඉතා සූක්ෂ්ම අයුරින් කුඩු ජාවාරමේ නිරත උපාධිධාරී පාසල් ගුරුවරියක් සහ ඇගේ මව වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ, කොරසේ ප්‍රදේශයේ පදිංචි, මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිංහල විෂය උගන්වන 28 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක සහ ඇගේ මවයි.

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සැකකාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකාරියන් දෙදෙනා පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් ගුරුවරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.3 ක් සහ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4.5 ක් සොයා ගැනුණා.

සැකකාර පාසල් ගුරුවරිය තවත් පුද්ගලයින් යොදවා හෙරොයින් ග්‍රෑම් 01 සහ මිලිග්‍රෑම් 500 බැගින් වූ පැකට් සාදා නිට්ටම්බුව, තිහාරිය, මල්වත්ත, කොරසේ ඇතුළු ප්‍රදේශවල ඉතා සූක්ෂම අයුරින් සඟවා ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලැබුණු පසු හෙරොයින් සැඟවූ ස්ථාන ගැනුම්කරුවන්ට පවසන බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

කුඩු සඟවන ලද ස්ථාන පිළිබඳව සටහන් තැබූ සටහන් පොතක් සහ ජාවාරම් සඳහා යොදාගත් යතුරුපැදියක්ද වේයන්ගොඩ පොලිසිය සිය භාරයට ගත්තා.

සැකකාර ගුරුවරියගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අතර දින කිහිපයකට පෙර ඔහු බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පැවසුවා.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාරියන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.