22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 6ක හෙරොයින් සමඟ තරුණයෙක් අල්ලයි

කෝටි 6ක හෙරොයින් සමඟ තරුණයෙක් අල්ලයි

රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 105ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් මාළිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 7.5ක මුදලක් ද පොලිසිය භාරය ගැණුනා.

අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය වෙත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු ඩුබායි හී සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

විදෙස්ගත අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් ලැබෙන උපදෙස් අනුව මත්ද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශ වෙත ගෙනගොස් අලෙවිකරුවන් වෙත ලබා දී මුදල් ලබා ගැනීම සැකකරුට පැවරී තිබී ඇතැයි පොලිසිය පවසනවා.