27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (10) රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, බුලංකුලම, සමගිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක් පමණ වයසැති තරුණයෙක් බවයි වාර්තා වන්නේ. 

සැකපිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය මගින් සිදු කරනු ලබයි.