― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබාප්පාගේ ආයුධ පහරින් තරුණයා නොඑන ගමන් යයි

බාප්පාගේ ආයුධ පහරින් තරුණයා නොඑන ගමන් යයි

බාප්පා විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හක්මණ, කෝංගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්මන පොලිස් වසමේ කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි සෙනරත් රත්නායක විරාජ් පියුමාල් නැමැති තරුණයෙක්.

මියගිය තරුණයා සහ ඔහුගේ මවගේ නැගණියගේ සැමියා සමග කලක සිට පැවැති ආරවුලක් මුල් කරගෙන ඊයේ (14) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම ගැටුම දුරදිග යාමෙන් තරුණයාගේ බාප්පා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් තරුණයා වෙත එල්ල කර ඇති බවයි.

එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ තරුණයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය තරුණයාගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හක්මණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.