ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්රවාහන සැලැස්මක් ක්රියාත්මකයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද (15) සිට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක කෙරෙන බවයි.
ඒ අනුව බදුල්ල, ගාල්ල සහ බෙලිඅත්ත සිට මෙම විශේෂ දුම්රිය සේවා ක්රියාත්මකයි.
එමෙන්ම ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.