28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතිදෙනෙක් මරු තුරුළට යැවූ පුස්සැල්ලාවේ අනතුර

තිදෙනෙක් මරු තුරුළට යැවූ පුස්සැල්ලාවේ අනතුර

නුවරඑළිය සිට කුරුණෑගල දක්වා ධාවනය වූ වෑන් රථයක් ගම්පොළ පුස්සල්ලාව පොලිස් බල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ වෑන් රථය ඊයේ (14) පස්වරුවේ පුස්සල්ලාව පොලිස් බල ප්‍රදේශයේ හෙල්බොඩ දී මීටර් 60 ක් ප්‍රපාතයට පෙරළී යාමෙන් එහි ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

රියදුරුගේ පාලනයෙන් ගිලුහුණු වෑන් රථය පෙරළී ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස අටක් වූ මොහොමඩ් අනීස් ආදිල් නැමැති දරුවා, කුරුණෑගල, රිදීගම පදිංචි ස්මයිල් ලෙබ්බේ මොහොමඩ් අනිර්දින් (65) හා රංජනී බිබී (60) යන තිදෙනායි.

මෙයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තිබූ අතර රංජනී බීබී ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙවර රාමසාන් උත්සවය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එක පෙළට යෙදී තිබීම හේතුවෙන් මෙම පිරිස නුවරඑළියේ විනෝද චාරිකාවක් සඳහා යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

කෙසේනමුත් වෑන් රථය හෙල්බොඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති අතර ගසක වැදී නතර වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෑන් රථයේ සිරවී සිටි රියදුරු එළියට ගැනීම සඳහා විනාඩි 45ක් පමණ ගිය බවයි.