30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයෙන් කොරෝනා මරණයක් වාර්තා වෙයි

යාපනයෙන් කොරෝනා මරණයක් වාර්තා වෙයි

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

යාපනයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිට තිබෙනවා. ඒ අතරවාරයේ ඇයට උණ රෝගය වැළඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේනමුත් පසුගිය 12 වැනිදා අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්තාව අද (15) ලැබී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය අරාලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් වන අතර කාන්තාව තාවකාලිකව රැඳී සිටි නිවස හා කාන්තාව ඇසුරු කළ පිරිස් පිළිබඳව සෙවීමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.