ජනප්‍රිය අවුරුදු ගීතයක් විකෘති කර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත විමර්ශනයක් අරඹා තිබෙනවා.
ප්‍රවීන කලාකරුවෙක් වන රෝහණ බැද්දගේ විසින් ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස එම ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා බවයි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ.