28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි කෑ තරුණිය මියගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න

වෙඩි කෑ තරුණිය මියගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මියගොස් ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.

මින්නේරිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ 17 හැවිරිදි තරුණිය මේ වනවිට අනුරාධපුර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එම නිලධාරියා අප සමඟ පැවසුවේ.

මෙම තරුණිය සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය 40 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සැක පළ කරන්නේ.

ඊයේ (14) රාත්‍රී 8.45ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණියගේ ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව තිබුණා.

අදාළ තරුණිය සිය මව සමඟ ඊයේ (14) ඥති නිවසකට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර අනතුරුව ඇයව ඇතුළත් කෙරුනේ පොළොන්නරුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටයි.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා.