අමෙරිකානු සමාගමක් විසින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසිනුයි මෙම නව ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.
එළඹෙන මැයි මස 23 වැනිදා මෙම නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමට මින් හැකියාව සැලසෙනවා.
කෙසේනමුත් මෙහි ගුවන් ගමනක් සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන අතර එය දළ වශයෙන් එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ඩොලර් 6,000ක් පමණ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.