― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ අද (15) හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායජවරයා කියා සිටියේ මේ රටේ 50%ක් කටුක දුක්ඛිත ජීවිතයත් ගත කරන විට හැමදේම හරි කියා කියන පිරිසක් සිටියත් මේ ස්ථායීකරණය ජනතාවට දුකක් ලබා දී ඇති බවයි.

අවුරුදු සමයේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී අවුරුදු මේසය පවා හරියාකාරව සකස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විරැකියාව වැඩි වී කර්මාන්තශාලා වැසී යාම නිසා රටෙන් හරි අඩක් දැඩි පීඩනයකින් සිටින බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම සමස්ත පාසල් දරුවන් සිටියදී ප්‍රාථමික දරුවන්ට පමණක් ආහාර ලබා දීම, දුප්පත්කම තුරන් කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම, රැකියා නිර්මාණය කරන ආයෝජන නිර්මාණය නොවීම ඇතුළු සෑම අතකින්ම රට කඩා වැටී ඇති නිසා දුගීකම වර්ධනය වී බවයි විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේ.

ඊළඟ අලුත් අවුරුද්ද සමරන්නේ IMF එකත් සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂියවාදී ගිවිසුමක් සමග මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය ආරම්භ කරමින් බවත් දැනටමත් IMF එකත් සමග මේ ගැන සාකච්ඡා කර ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථිකය සංකෝචනය කරන කුඩා කරන විසදුමක් නොව සැමට සුබසාධනය සෞභාග්‍ය උදා කරන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවයි.

සමහර කණ්ඩායම් ජනතාවට වැඩක් කරන විට විවිධ ලේබල් අලවමින් සිටින බවත් ‘බස් මෑන්’ යැයි තමාට ලේබල් අලවන අය මේ බස්වලින් සිදු වූ සේවාව ගැන සොයන ලෙස කියනා බවත් මේ බස් එක නිසා පාසල්වලට විශාල සේවාවක් සිදුවන බවත් අමනෝඥයෝ කොට්ඨාසයකට බස් රථ ලබා දීම විහිලුවක් සහ ඊර්ෂ්‍යාවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.