23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතකගෙන් මුදල් ගත් පොලිස් නිලධාරියාට වැඩ වරදී

කතකගෙන් මුදල් ගත් පොලිස් නිලධාරියාට වැඩ වරදී

යාපනයේ සිට සංක්‍රමණය වී ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචා කළ බවට පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අදාළ කාන්තාව යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සංක්‍රමණිකයෙකු ලෙස ස්විට්සර්ලන්තයේ වාසය කරයි. ඇය විවාහ වී දරුවන් සිටින අතර දරුවන් සමඟ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ.

කෙසේනමුත් අදාළ කාන්තාව මීට වසර කිහිපයකට පෙර යාපනයට පැමිණි අවස්ථාවේදී අදාළ කාන්තාවගේ ඉඩමේ ප්‍රශ්නයක් පිළිබඳව පැමිණිලි කිරීමට ඇය පොලිස් ස්ථානයට ගොස් තිබෙනවා.

ඇය අදාළ පැමිණිල්ල කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි දෙමළ පොලිස් නිලධාරියෙක් සමඟ මිත්‍රකමක් ගොඩ නගාගෙන තිබෙනවා.

පසුව ඇය නැවත් විදේශගත වී ඇතත් පොලිස් නිලධාරියා හා ගොඩනගා ගත් මිතුරු බැඳීම ආදර සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව විටින් විට එම පොලිස් නිලධාරියාට මුදල්, ස්වර්ණාභරණ ඇතුළු තෑගි බෝග ලබා දී ඇති අතර එක් අවස්ථාවක ඇය පොලිස් නිලධාරියා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට පවා උත්සාහ දරා තිබෙනවා.

කෙසේනමුත් පොලිස් නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් ඇයට පවසා ඇත්තේ තමන් රට හැර නොයන බවයි.

මේ හේතුවෙන් අදාළ කාන්තාව යළි ස්විට්සර්ලන්තයේ සිට ලංකාවට පැමිණ ඇයව විවාහ කර ගන්නා ලෙස පොලිස් නිලධාරියාට බල කළ විට ඔහු ඊටද එකඟ වී නැහැ.

මේ සම්බන්ධයෙන් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඉන්පසු එම පොලිස් නිලධාරියා එම කාන්තාවගෙන් තමන්ට ලැබුණු ස්වර්ණාභරණ සහ මුදල්වලින් කොටසක් යළි කාන්තාවට ලබා දී ඇති අතර ඉතිරි පංගුව කෙටි කාලයකින් ලබා දෙන බවට ඔහු පොරොන්දු වී තිබුණි.

කෙසේ වෙතත් නියමිත කාලය තුළ මුදල් ආපසු ලබා නොදීම හේතුවෙන් අදාළ කාන්තාව පොලිස් නිලධාරියාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.