25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී සිසුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී සිසුවෙක් ජීවිතක්ෂයට

මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දර්ගා නගරයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුවාගේ මළ සිරුර මුරගල්ල වෙරළට අද (16) දවල් ගොඩ ගසා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අලුත්ගම පොලිසිය පැවසුවේ මියගිය සිසුවා තම මව, වැඩිමහල් සොයුරියන් දෙදෙනා සහ මිතුරන් පස් දෙනෙකු සමඟ ඊයේ (15) පස්වරුවේ බෙන්තොට දුම්රිය ස්ථානයට ආසන්න මුහුදු වෙරළට ගොස් දිය නා විනෝද වී ඇති බවයි.

එම අවස්ථාවේදී සිසුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.