23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැක්ස්වෙල් IPL තරගාවලියෙන් විවේක ගනී

මැක්ස්වෙල් IPL තරගාවලියෙන් විවේක ගනී

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති තරගයෙන් ලැබූ අමිහිරි පරාජයෙන් පසු මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මෙම පුවත හෙළි කළා.

එහිදී ඔහු සඳහන් කළේ තරගයට පෙර තමන්, නායක ෆාෆ් ඩු ප්ලෙසිස්ට වෙනත් අයෙකු උත්සාහ කරන ලෙස ඉල්ලා සිටි බවයි. ඒ අනුව ඊයේ තරගය සඳහා බැංගලූරු කණ්ඩායමට විල් ජැක්ස් ඇතුළත්ව සිටියා.

මේ අතර මැක්ස්වෙල් වැඩිදුරටත් පැවසුවේ තමන් මේ වනවිට හොඳ මානසික හා ශාරීරික අවකාශයක නොසිටින බවයි. ඒ හේතුවෙන් මෙලෙස විවේකයක් ගැනීමට තීරණය කළ බවයි ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මැක්ස්වෙල් පැවසුවේ.