රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය අද (16) අලුයම හදිසියේම ගිනිගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදී මෙලෙස ගිනිගෙන ඇති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල දක්වා ගමන් කරමින් සිටියදී අද (16) අලුයම් කාලයේ දී මෙලෙස රථය ගිනි ගෙන තිබෙනවා.
කෙසේනමුත් මෙම ගින්නෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට කිසිඳු හානියක් සිදුව නැහැ.






