26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට IMF නිලධාරින්ගේ ප්‍රශංසාව

ශ්‍රී ලංකාවට IMF නිලධාරින්ගේ ප්‍රශංසාව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඊයේ (15) හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කළා.

මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රී ලංකාව සිදු කළ කැපකිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පෙන්වා දී තිබෙනවා.